චීනය හා කොරියාවේ කොරෝනා රෝගීන් හමුවීම යළි ඉහළට

Picture of අසංක

අසංක

 

කොරෝනා වෛරස ව්‍යාප්තිය විශාල ලෙස පාලනය කර තිබු චීනයෙ හා දකුණු කොරියාවෙ මේ වනවිට නැවත වරක් කොරෝනා රෝගීන් හමුවීම යම් පමණකින් ඉහල ගොස් ඇති බව ජාත්‍යන්තර පුවත්සේවා වාර්තා කර සිටී .

ඒ අනුව එම දෙරටම මේ වනවිට ලිහිල් කර ඇති සංචරණ සීමා සුළු වශයෙන් හෝ යලි බලාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද වාර්තාවේ.

චීනයේ ඊයේ දිනය තුල කොරෝනා රෝගීන් 14 දෙනෙකු හමුවී ඇති අතර ඉන් 12 දෙනෙක්ම දේශීය වශයෙන් හමුවූ රෝගීන් බවටද වාර්තාවේ.

මේ අතර චීනයේ වුහාන් නගර වසියෙකුද වන අතර එම නගරයෙන් ආසාධිතයකු වාර්තා වන්නේ පසුගිය අප්‍රේල් 03 දිනට පසුවය .

එසේම දකුණු කොරියාවෙන් ඊයේ දිනය තුල ආසාධිතයින් 34 දෙනෙකු හමුවී ඇති අතර , මාසයක කාලසීමාවක් තුල එරටින් හමුවූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාව මෙයවේ.

මේ අනුව ජනතාව විශාල වශයෙන් ගැවසිය හැකි අවස්ථා සීමා කරමින් යලි සංචරණ සීමා කිහිපයක් බලාත්මක කිරීමට දකුණු කොරියානු රජය දැනටමත් තීරණය කර ඇත