තවත් උපාධිධාරීන්  8500ක් රාජ්‍ය සේවයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500ක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, පළමු වටයේදී රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ උපාධිධාරීන් යොමු කළ අභියාචනා සැලකිල්ලට ගෙන මෙම පිරිස බඳවා ගත් බවයි.
ඔවුන්ගේ පත්වීම් ලිපි ස්ථිර පදිංචිය ඇති ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කළ බව ද ලේකම්වරයා මාධ්‍ය වෙත අද  පැවසුවේය.
මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කි.