ඉන්දීය මහකොමසාරිස් , හදිසියේ ජනපති හා අගමැති හමුවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය සම්මෙභන්රධව පැනනැගී ඇති තත්ටවයන් පිලිබඳ සාකච්ජා කිරීම සඳහා මෙරට  ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී ඇති බව  බව ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කර සිටි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟඑක්ව  උපාය මාර්ගික පර්යන්තයක් ලෙස නැගෙනහිර පර්යන්තයඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉකුත් 2019 වර්ෂයේ මැයි මාසයේ දී අත්සන් තබන ලද ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අනුව කටයුතු කිරිම අවශ්‍ය බවට මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා සිය සාකච්ජාවලදී ප්‍රකාශ කර ඇති බව හින්ද පුවත්පත වාර්තා කර ඇත .

විදෙස් ණය ලබා ගැනීම වෙනුවට විදෙස් ආයෝජන රටේ සංවර්ධනය සඳහා යයොදා ගත යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශ කර ඇති පසුබිමක විදෙස් ආයෝජකයින් ගේ විශ්වාසය ආරක්ෂා කිරිමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇති බවට වන පණිවිඩය ඉන්දියාව විසින් මෙහිදී ලබාදී ඇති බවද  හින්දු පුවත්පත වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් බිලියන 1.5 ක ජපාන ආයෝජනයක් සහිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරිම ඉකුත් වර්ෂයේදී සිදුකරනු ලැබූ බවද මෙහිදී හින්දු පුවත්පත වාර්තා කර සිටි.

නැගෙනහිර පර්යන්තය සම්බන්යෙන් ලක් රජය ගත් තීන්දුව මේ දක්වා ඉන්දියාව හෝ ජපන් රජයට නිල වශයෙන් දැනුම් දී නොමැති බවත් ඔවුන් ඒ පිළිබඳව දැන ගෙන ඇත්තේ කැබිනට් තීරණ ප්‍රකාශ කිරීමේදී බවත්හි න්දු පුවත්පත වාර්තා කර ඇත .