ලොව පුරා කොවිඩ් ව්‍යාප්තියේ අඩුවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා කොවිඩ් ව්‍යාප්තියේ   යම් අඩුවීමක් මේ වනවිට  දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටී .

පසුගිය ජනවාරිය අවසානයේදී එම අඩුවීම සියයට 13 ක අගයක් ගත බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

කොවිඩ් එන්නත මේ වනවිට ලොව පුරා රටවල් රැසකම භාවිතාවෙමින් තිබීම මෙම තත්වයට යම් හේතුවක් විය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් සඳහන් කර ඇත .

මහා ජනතාව තවදුරටත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කටයුතු කළහොත් මෙම  තත්වය ඉදිරියේදී තවදුරටත් සුභ අතට හැරෙනු ඇති බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී අනුමාන කර ඇත .