ජාතික උරුමයන් රැකගන්න රජයෙන් නව වැඩපිළිවෙලක් .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ජාතික උරුම නම් කිරීමේ සහ හදුනා ගැනීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත .

ඒ අනුව ඉදිරියේදි ජාතික උරුම කළමණාකරණ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්  ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය වෙත පැවසීය .

ජාතික උරුමයන්  නිවැරදිව හඳුනාගෙන  ඒවා  නිල වශයෙන් ජාතික උරුම ලෙස  නම්ක කිරීමට මේ යටතේ ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා පැවසීය .

මෙම කටයුතු පහසු කිරීම සඳහා ජාතික උරුම ලේකම් කාර්යාලයක්ද පිහිටුවීමට රජය සැලසුම් කර ඇත