වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Picture of අසංක

අසංක

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියයන විට ඒ මහතා අසු නම වැනි වියෙහි පසු විය.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වෙයි.