ජාතික උරුම හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
මෙරට ජාතික උරුම නම් කිරීමේ සහ හදුනා ගැනීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත .
ඒ අනුව ඉදිරියේදි ජාතික උරුම කළමණාකරණ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්  ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය වෙත පැවසීය .
ජාතික උරුමයන්  නිවැරදිව හඳුනාගෙන  ඒවා  නිල වශයෙන් ජාතික උරුම ලෙස  නම්ක කිරීමට මේ යටතේ ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා පැවසීය .
මෙම කටයුතු පහසු කිරීම සඳහා ජාතික උරුම ලේකම් කාර්යාලයක්ද පිහිටුවීමට රජය සැලසුම් කර ඇත .
ReplyReply AllForwardEdit as new