වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මියයන විට ඒ මහතා අසු නම වැනි වියෙහි පසු විය.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වෙයි. 1977 දී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය.
එවකට විපක්ෂ නායක ඒ. අමීර්තලිංගම්ට එරෙහිව විවාදාත්මක විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කළ ඔහු, විරුද්ධ පක්ෂ නායකයෙකුට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කළ ලොව  පළමුවැන්නා බවට ද පත්විය.