අදත් කොවිඩ් මරණ 8ක් – අපේක්ෂා රෝහලේ රෝගියකුත් ඒ අතර

Picture of අසංක

අසංක

මෙරට කොවිඩ්‌ -19 ආසාදිත රෝගීන්ගේ මරණ 08ක්‌ (6) අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්‌ තහවුරු කර තිබේ. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වූ මුළු කොවිඩ්‌ -19 රෝගී මරණ සංඛ්‍යාව 351 කි.

01. කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවකි. මිගමුව දිස්ත්‍රික්‌ රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර කොචිඩ්‌-19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන්‌ පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරු කර යවා ඇත. එම
රෝහලේදී 2021 පෙබරවාරි 06 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස
දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, කොවිඩ්‌ නියුමෝනියාව සහ උග්‍ර වකුගඩ්‍ර
ආබාධයකි.

02. කඩවත ප්‍රදේශයේ පදංචි 73 හැවිරිදි කාන්තාවකි. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්-‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසු මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. එම රෝහලේදී 2021 පෙබරවාරි 05 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘද රෝගී තත්ත්වය, කොවිඩ්‌ නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු ආබාධයකි.

03. මොරටුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොචිඩ්‌ -19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇත- එම රෝහලේදී 2021 පෙබරවාරි 05 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව සහ පිළිකා රෝගී තත්ත්වයකි.

04. කැලණිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිසර ළය රෝහලේ සිට කොවිඩ්‌- 19 ආසෘදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසු දංකොටුව දිස්ත්‍රික්‌ රෝහල වෙත මාරු කර යවා ඇත. එම රෝහලේදී 2021 පෙබරවාරි 06 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ -19 ආසාදනය හේතුවෙන්‌ ඇති වූ හෘදය සහ ශ්වසන පද්ධතියේ සිදු වූ ආබාධය, පිළිකා රෝගී තත්ත්වය සහ සංකුල වූ අක්මා රෝගී තත්ත්වයකි.

05. කොළඹ- 14 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 04 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත්‌ කරන විට මියගොස්‌
ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාවයි.

06. කොළඹ- 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ්- 19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන්‌ පසු හෝමාගම
මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. එම රෝහලේදී 2021 පෙබරවාරි 05 දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩි නියුමොනියාව, උග්‍ර දියවැඩියාව සමඟ වකුගඩු අක්‍රීය වීමයි.

07. හෙරගම ප්‍රදේශයේ පදිංචි 76 හැරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ්‌- 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලෙදි 2021 පෙබරවාරි 04 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ සංකූල වූ වකුගඩු රෝගයක්‌ තේතුවෙන්‌ වකුගඩු හානි වීම සහ කොවිඩි
නියුමෝනියාවයි.

08. මුන්දලම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 පෙබරවාරි 05 වන දින මියගොස්‌ ඇත. මරණයට භේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාවයි.