ඉන්දුනීසියා ගිනි කඳු සුනාමියේ මරණ 429 දක්වා ඉහළ ගිහින්

Picture of Roshan

Roshan

ඉන්දුනීසියාවේ, අනාක් ක්‍රැකටෝ ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස 429 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සෙනසුරාදා ඇති වූ මෙම සුනාමි අනතුර සුමාත්‍රා සහ ජාවා දූපත් හි වෙරළබඩ නගර වෙත දරුණු බලපෑමක් කර ඇත.

ගිනි කඳු පිපිරීමත් සමග සාගර අභ්‍යන්තරයේ සිදුවූ නායයෑම් මෙම සුනාමිය ඇතිවීමට හේතුව බව විශ්වාස කෙරෙයි.

මෙම අනතුරින් තවදුරටත් පුද්ගලයන් 150 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති අතර, 16,000කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මේ අතර, වෙරළබඩ ජීවත්වන පිරිස් වෙත අනතුරු අඟවමින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස බලධාරීන් පවසා සිටින්නේ, ගිනි කන්ද යළිත් වරක් විදාරණය වීම හේතුවෙනි.