BREAKING NEWS


Share now!

ඉදිරියේදී විවෘත වෙළඳපලේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවීමට රජය තීරණය කල බව   සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටී .

පසුගිය කාලයේ ලැබූ අත්දැකීම් මත රජය ඒ බව තීරණය කර ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අද පැවසීය

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කිරීමට රජය ගත් පියවර සහ ඉන් අපේක්ෂිත අරමුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .