අයවැයට එරෙහි වෙන්න සජබ – ශ්‍රීලනිප තීරණයක්

Picture of අසංක

අසංක

2023 අයවැය දෙවන වර කියවීමට අදාළව හෙට(22) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

අද රැස්වූ ශ්‍රීලනිප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද මෙම තීරණය ගෙන ඇත.

සමගි ජන බලවේගය ද හෙට දින අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා නිවේදනය කර සිටී.