BREAKING NEWSක්‍රීඩා


Share now!

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තීරණාත්මක තෙවැනි තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමු තරගය ඉන්දියාවත් දෙවැනි තරගය ශ්‍රී ලංකාවත් ජයගෙන 1-1ක් ලෙස සමව පවතී.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතව තිබේ. මෙම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ඉන්දියාවේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ජය ගන්නා පළමු විස්සයි20 තරගාවලිය ලෙස මෙය ඉතිහාසයට එක්වෙනු ඇත.