BREAKING NEWS


Share now!

මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවෙක් ඇතුළු සිරකරුවන් සිව් දෙනෙක් අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන බව බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

මරණීය දණ්ඩනයට නියමවී සිටින සිරකරු
බන්ධන්ගාරගත කර සිටින කාලය තුළ “අනුශය ආසව” නමින් නවකතාවක්ද ලියා ඇති අයෙක් බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

නව මැගසින් බන්ධනාගාරයේ ඇති විභාග මධ්‍යස්ථානයේ දී ඔහු විභාගය ලියන බවත් සෙසු සිරකරුවන් ඔවුන් රදවා සිටින බන්ධනාගාරවල ස්ථාපිතකර ඇති විභාග මධ්‍යස්ථානවල විභාගය ලියන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.