බදු ආදායම 93%කින් වැඩිවෙයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහෙත් 2022 වසරේ මුල් මාස 6 තුළදී එම දෙපාර්තමේන්තුව රැස්කර තිබූ බදු ආදායම සඳහන් වූයේ රුපියල් මිලියන 361,832කි.

ඒ අනුව මෙම වසරේ මුල් මාස 6දී බදු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 93%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය.

රට තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියේ වෙනස සහ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු බව සඳහන් ය.