රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධවල බරපතළ හිඟයක් පවතින බවටත් ලියාපදිංචියෙන් තොර ඉන්දියන් ඖෂධ ගෙන්වීමේ සැලසුමක් ඇති බවටත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අනතුරු අඟවයි.
එම සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ ජීවිත ආරක්ෂක ඖෂධ 13න් 03ක් සම්පූර්ණයෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ සහ රජයේ රෝහල්වල බිංදුවට පත් වී ඇති බවය.

අත්‍යවශ්‍ය ඖෂධ 460කින් 183ක් වෛද්‍ය සැපයුම් අංශයේ තොග බිංදුවේ පවතින බවත් අත්‍යවශ්‍ය නොවන ඖෂධ 139න් 48ක් වෛද්‍ය සැපයුම් අංශයේ බිංදුවේ පවතින බවත් ඔහු පවසයි.
ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව මගින් රෝහල්වල භාවිතය සඳහා අනුමත කර ඇති ඖෂධ වර්ග 612ක් අතරින් ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග 13ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 460ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 139ක් ලෙස වෙන් කර ඇත.