මෙරටින් පිලිපීනය වෙත වැඩමකරවූ ශ්‍රී මහා බෝධි අනුශාඛාවට වසර 15ක් සපිරෙයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවෙන් පිලිපීනය වෙත , ශ්‍රී මහා බෝධියේ අනුශාඛාවක් වැඩමවා වසර 15ක් ගතවීම නිමිත්තෙන් , එරට විශ්ව ප්‍රඥා උද්‍යාන පදනම් (universal wisdom park foundation) විහාරයේදී , අද දින විශේෂ ආගමික පුන්‍යෝත්සවයක් පැවැත්වින .

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වැඩ කරන කරන ලද ධාතූන් වහන්සේලා මෙම විහාරස්ථානයේ තැන්පත් කරන ලද අතර පිලිපීනයේ බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් එම ධාතූන් වැඳ පුදා ගැනීමට විහාරස්ථානයට පැමිනියහ .

මෙම පුන්‍යෝත්සවය සඳහා එම විහාරයේ ප්‍රධාන සංඝයාවහන්සේල මෙන්ම පිලිපිනයේ ශ්‍රී ලංකා තානාතිපති ආචාර්ය චානක තල්පහෙවා මහාතාද එරට බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක්ද සහභාගී වූහ .

චීන සංස්කෘතියට අනුව අද දිනට යෙදී ඇති “‘සිහින අළුත් අවුරුද්ද” නිමිති කොටගෙන මීට වසර 15කට ඉහතදී ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී මහා බෝධියේ මෙම අනුශාඛාව පිළිපීනය වෙත රාජ්‍ය අනුග්‍රහය සහිතව වැඩම කරවන ලදී.

මෙහිදී ශ්‍රී ලංකාවේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ දිමු ජයරත්න මහත්මා මෙම අනුශාඛාව පිලිපිනයේ විශ්ව ප්‍රඥා උද්‍යාන පදනම් ථෙරවාදී බෞද්ධ විහාරයේ රෝපණය කරන ලදී.

ඒ සමගම ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා පරිත්‍යාගයක් ලෙස පූජා කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද මෙම විහාරස්ථානයේ දැනටත් වැඩ සිටි.