බස්නාහිර සිසුහු 1000ක් පාසල අතහැරලා!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2024 සහ 2025 යන වර්ෂවල බස්නාහිර පළාතේ සිසුන් දහසකට අධික පිරිසක් පාසල් අතරමග හැරගොස් ඇති බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (19) පාර්ලිමේන්තුවේදී දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මෙම අදහස් පළ  කර සිටි‍යේය.