දෙසැම්බර් නිවාඩු සමය අමතක නොවන සොඳුරු අත්දැකීමක් කිරීමට යාල එලිෆන්ට් රීච් හෝටලය (www.elephantreach.com) සැරසෙයි. ලෝන්ලි ප්ලැනට් ජාත්‍යන්තර සඟරාව 2015 වර්ෂයේ හොඳම වනජීවී නිවාඩු නිකේතනය වශයෙන් තෝරා ගත් එලිෆන්ට් රීච් නවීන පහසුකම්වලින් සුසැදි ආකර්ෂණීය නවාතැනකි. ශ්‍රී ලාංකීය හෝටලයකට මෙවැනි සාඩම්බර ජාත්‍යන්තර ඇගයුමක් ලැබුණු මුල්ම අවස්ථාව මෙය වෙයි. නොමිලේ ප්‍රවේශ පත්‍ර, වවුචර් ඇතුළු ආකර්ෂණීය දීමනා 5ක් මේ දෙසැම්බර් මාසයේදී එලිෆන්ට් රීච් වෙතින් පිරිනැමේ.
රාත්‍රී දෙකක් හෝ ඊට වැඩි ගණනක් සඳහා හෝටලය වෙන් කර ගන්නා ඔබට එක් රැයකට රු. 2000ක වවුචරයක් ලැබේ. අතිරේක ආහාර පාන (මත්පැන් හැර) හා විශේෂ චාරිකාවලදී වවුචරයේ මුදල අඩු කරනු ලැබේ. එමෙන්ම යාල ජාතික වනෝද්‍යානය නැරඹීමේ ප්‍රවේශ පත්‍රද නොමිලේ ලැබේ. යාල අත්දැකීම වඩාත් සුන්දර කරමින් නොමිලේ මග පෙන්වන්නකු සමග චාරිකා කිරීමේ පහසුකමද එලිෆන්ට් රීච් වෙතින් ලැබේ. සවස පිහිනුම් තටාකය අසලදී තේ පානය (High Tea)නොමිලේ සපයනු ලැබේ. කුඩා දරුවන් රැගෙන එන්නන්ට පළපුරුදු දිවා සුරැකුම් නිලධාරීන් භාරයේ දරුවන් රඳවා විනෝද වීමේ පහසුවද ඇත.
දරුවන්ට විශේෂ ක්‍රීඩා හා විනෝද ක්‍රියාද ඇත. සිතුල්පව්ව, තිස්සමහාරාමය, කිරින්ද විහාර මහා දේවි විහාරය, කතරගම පුදබිම වැනි ඓතිහාසික වටිනාකමක් ඇති සිද්ධස්ථාන ආසන්නයේ හෝටලය පිහිටා තිබීම නිසා වන්දනාකරුවන්ටද එලිෆන්ට් රීච් මනාව ගැළපෙයි. නිවාඩු සමයේ විශේෂ දීමනා සඳහා වැඩි ඉල්ලූමක් පවතින හෙයින් ඔබගේ කාමර අදම වෙන් කරවා ගන්න. විශේෂ දිමනා වලංගු වන්නේ 2018 දෙසැම්බර් මාසය තුළ පමණි. දීමනා ලබා ගනු පිණිස වෙන් කිරීමේදී ER2018DEC යන කේත අංකය සඳහන් කරන්න. වැඩි විස්තර සඳහා 0771065092 හෝ 0772075712 අංකවලට අමතන්න.