ක්‍රි.ව 521දීත් අපේ ඇමතිවරු අල්ලස් අරන් !

වසර 1500 කට පෙරත් මේ රට පාලනය කළ අමාත්‍යවරුන්  අල්ලස් ලබාගෙන ඇති බවට  ඉතිහාසයේ සාක්ෂි ඇතැයි   පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි . එකල ද බිසෝවරුන් රාජ්‍ය පාලනයට ඇගිලි ගැසූ අවස්ථා පිළිබඳව  පැහැදිළි සාක්ෂි ඇති බව සෝමදේව මහතා මාධ්‍ය වෙත පැවසීය  . පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවමහතාමෙහි දීවැඩිදුරටත්මෙසේද පැවසීය, “බිසෝවරු රාජ්‍ය පාලනයට ඇගිලි…

ඩඩ්ලි සිරිසේනත් LPL හා එක්වේ !

කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට LPL ක්‍රිකට් තරඟාවලියේ දායකත්වයක් ( Accommodation Partner ) හිමිව තිබේ. ඒ පිළිබඳව ඒ මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහන පහතින් දැක්වේ.

සතියක් තුල ගෑස් පැමිණිලි 430ක් !

මෙරට සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලිවලින් සියයට 53 කට වැඩි ප්‍රමාණයක් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පැමිණිලි බව ගෑස් අනතුරු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුව පවසනවා. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් පිළිබද විමර්ශනය කිරීම හා ඒ පිළිබද විසදුම් සෙවීමේ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ පැවසුවේ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලි 458 ක් ඉකුත් ඉරිදා…

ePaper – Tuesday, December 07, 2021

🔴 රවි – අර්ජුන් – ඇලෝසියස් බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් නිදහස්
🔴 ප්‍රමිතිය චෙක් කළ අලුත් තොගයේ ගෑස් අලුත් සීල් එකෙන්
🔴 සියල්කොට් ඛේදවාචකය: ප්‍රියන්තගේ සිරුර දිවයිනට
🔴 “රටටම එකවර විදුලිය බිඳවැටීම අවුලක්” ලංවිම ඉංජිනේරුවොත් ජනපතිට කියලා

රවි – අර්ජුන් – ඇලෝසියස් බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් නිදහස්

පැතුම් වික්‍රමරත්න බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක, චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත. මෙම නඩු විභාගය අරම්භ කිරීමට සූදානම්වූ අවස්ථාවේ විත්තිකරුවෙන් වෙනුවෙන් පෙනී…

ප්‍රමිතිය චෙක් කළ අලුත් තොගයේ ගෑස් අලුත් සීල් එකෙන්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි නව ප්‍රමිති පරීක්ෂාවකින් පසුව නිකුත් කරනු ලබන ගෑස් තොග පහසුවෙන්‌ හදුනාගත හැකි විශේෂිත මුද්‍රාවක්‌ සහිත ගෑස්‌ සිලින්ඩරයක්‌ වෙළඳපොලට නිකුත්‌ කරනු ඇති බව ගෑස්‌ සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනිම්‌ හෝ පුපුරායාම්‌ පිළිබඳ විමර්ශනය කිරිම හා ඒ පිළිබඳ විසදුම්‌ සෙවිමේ ජනාධිපති කමිටුව පවසයි. ඒ අනුව අද සිට සුදු පසුබිමේ රතු ලාංඡනයක් සහිතව මුද්‍රාවකින් යුත් ලීට්‍රෝ ගෑස් ද…

සියල්කොට් ඛේදවාචකය: ප්‍රියන්තගේ සිරුර දිවයිනට

ප්‍රබෝධා හෙට්ටිආරච්චි පාකිස්ථානයේ සියල්කොට්හිදී පසුගිය 3 වැනිදා අන්තවාදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලාංකික ජාතික ප්‍රියන්ත දියවඩනගේ දේහය ඊයේ (06) දිවයිනට රැගෙන විත් තිබේ. ඒ ලාහෝර් සිට ශ්‍රීලන්කන් ගුවන්සේවය අයත් එයාර්බස් A330 UL186 දරන ගුවන් යානයෙනි. පාකිස්ථාන බලධාරීන් විසින් ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා බලධාරීන් වෙත දේහය භාරදීමට කටයුතු කර ඇත. ෆෙඩරල් අභ්‍යන්තර කටයුතු පිළිබඳ…

“රටටම එකවර විදුලිය බිඳවැටීම අවුලක්” ලංවිම ඉංජිනේරුවොත් ජනපතිට කියලා

ප්‍රබෝධා හෙට්ටිආරච්චි යුදගනවි බලාගාරයේ කොටස් අයිතිය අමෙරිකාවට ලබාදීම පිළිබඳව ගිවිසුමේදී රටට ගැලපෙන LNG පද්ධතියක් ලබාගැනීම ගැන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ වනවිටත් මිලියන 350ක් විතර වන ණය බරකින් සිටින බැවින් ඉදිරි අවුරුදු පහේදී මේ ප්‍රමාණය දෙතුන් ගුණයකින් ඉක්මවා යයන බවත් ඒ නිසා රටට ගැලපෙන පරිදි ඒ අදාළ…

“අපි වැරදි නෑ”

පැතුම් වික්‍රමරත්න සෞඛ්‍ය මාර්ගෝපදේශවල දක්වා ඇත්තේ  කොවිඩ් එන්නත් ලබානොගෙන පැමිණෙන මගීන් පී සී ආර් පරීක්‍ෂණ සඳහා යොමුකරන ලෙස පමණක් බවත් ගුවන්තොටුපලේදී එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව ක්‍රියාත්මක කර ඇති බවත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටී . එන්නත ලබානොගෙන එන මගීන් ගුවන් තොටුපලේ රඳවා ගැනීමට…

ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව සහ පවුලේ අය ආගම නිසා කොවිඩ් එන්නත අරන් නෑ

පැතුම් වික්‍රමරත්න මෙරටින් හඳුනා ගැනුණු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව සහ ඇයගේ පවුලේ සාමාජිකයින් මෙතෙක් කිසිඳු කොරෝනා මර්දන එන්නතක් ලබාගෙන නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසීය. එම පිරිස ආගමික මතවාදයක් දරණ කණ්ඩායමක සාමාජිකයින් බව වැඩිදුර සිදුකළ සොයා බැලීම් වලදි අනාවරණ වී තිබෙ අදාළ කාන්තාව ඉකුත් දා නයිජීරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ ද එම ආගමික මතවාද…

උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය සහන මිලට සතොස ළඟ නැත්නම් ඩිලිවරි වැඩ

ප්‍රබෝධා හෙට්ටිආරච්චි උත්සව සමයේදී සතොස හරහා ජනතාවට සහන මිලට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට රජය පියවර ගෙන තිබේ. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකට ප්‍රකාශ කළේ සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල ජනතාවට 1998 දුරකථන අංකය හරහා තමන්ගේ නිවසටම භාන්ඩ ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරගත හැකි බවය. “සතොස ශාඛා ජාලය හරහා රුපියල් 100කට වඩා…

මුලතිව් මුහුදේ දියනෑමට ගොස් තරුණයන් 3ක් දියවැලකට හසුවෙයි

දම්පත් රණසිංහ මුලතිව් මුහුදේ දියනෑමට ගොස් දියවැලකට හසුවී තරුණයින් තිදෙනෙක් මියගොස් තිබේ. වව්නියාවේ මදවයිත්තිකුලම සහ තෝණිකල් යන ගම්මානවල පදිංචි මෙම තරුණයින් තිදෙනා දිය වැලට හසුවී ඇත්තේ පෙරේදා (05) ය. වෑන් රථයකින් මුලතිව් පැමිණි ඔවුන් දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. එහිදී එක් තරුණයෙකු මළ සිරුර සවස් කාලයේදීම නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. සෙසු…