අලුත් ගෑස තොගයත් ප්‍රමිතියට නැහැ !

  ලිට්‍රෝ සමාගමට ගෑස් තොගයක් රැගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ ගෑස් කාන්දුවකදී ගඳ වහනය වීමට යොදන ”එතිල් මකැප්ටාන්” රසායනිකය මෙම ගෑස් තොගයේ නියමිත ප්‍රමිතියට නොමැති බවට අනාවරණ වී ඇත මෙම ගෑස් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ අදට දින 05 ක් වන අතර   මෙම ගෑස් නෞකාවේ ඇති ගෑස්වල සාම්පල පරීක්ෂාවේදී…

කූපන් ක්‍රමයට ඉන්ධන ගන්න වේවිද ?

කූපන් ක්‍රමයට ඉන්ධන ලබාදිය හැකිදැයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අදහස් පළවී ඇතැයි වාර්තා වේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා වැඩි මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකට යාම යෝග්‍ය බව එහිදී යෝජනා වී ඇති බවටද වාර්තාවේ . . දැනට ශ්රීය ලංකාවේ ඉන්ධන භාවිතය බොහෝ සෙයින් වැඩිවී තිබීම ද මෙම යෝජනාවට හේතුවී ඇති බවයි වාර්තා වේ…

චීන පොහොර භාර නොගත්තත් ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්න වෙයි !

(දම්පත් රණසිංහ)  අහිතකර බැක්ටීරියා අඩංගුවීම හේතුවෙන් ප්‍රතික්ෂේපිත වූ චීන පොහොර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් මත එම ගෙවීම් සිදුකිරීමට එම කැබිනට් ත්‍රිකාව ඉදිරිපත්කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්ලි මහත්වරු විසිනි. අහිතකර බැක්ටීරියා එම කාබනික පොහොරවල ඇති බව…

ඛනිජ තෙල් සහ ලිහිසි තෙල් කර්මාන්තයේ ආරවුල් විසඳීමට නව යාන්ත්‍රණයක් !

ඛනිජ තෙල් සහ ලිහිසි තෙල් කර්මාන්තයේ පැමිණිලි විසඳීමට සහ ආරවුල් විසඳීමට යාන්ත්‍රණයක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පියවර ගෙන ඇත . PUCSL සහ ඛනිජ තෙල් අමාත්‍යාංශය ඒකාබද්ධව පාරිභෝගික අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳ ප්‍රකාශයක් මෙන්ම පැමිණිලි හැසිරවීමේ සහ ආරවුල් විසඳීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. ප්‍රමිතියෙන් තොර පෙට්‍රල්, භූමිතෙල් සහ ඩීසල් සම්බන්ධයෙන් මහජනතාව පසුගිය…

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත්කර තිබේ. ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා සමඟ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීම යොමු කරන්නේ ඉකුත් සතියේදීය. එම අස්වීම එය ජනාධිපතිවරයා විසින් භාර නොගත් බව ජනාධිපති ලේකම්වරයා විසින් මෙයට පෙර සදහන් කර තිබුණි. නව සභාපතිවරයෙක් පත්කර ඇත්තේ එවන් පසුබිමක් තුළදීය.

ලංකාව ගොඩගන්න ඉන්දියාවෙන් හදිසි ආර්ථික පැකේජයක්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නවදිල්ලි සංචාරයෙන් අනතුරුව, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සමනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඉන්දියාව හදිසි පදනමක් මත ආර්ථික පැකේජයක් සකස් කරමින් සිටින බව ඉකොනොමික් ටයිම්ස් පුවත්  වාර්තා කර තිබේ. ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂණ පැකේජයක් කඩිනමින් දීර්ඝ කිරීමට බලාපොරොත්තු වේ.…

ePaper – Monday, December 13, 2021

🔴 ඔමික්‍රෝන් හිතුවට වඩා දරුණු විය හැකියි
🔴 ලංකාව ගොඩගන්න ඉන්දියාවෙන් හදිසි ආර්ථික පැකේජයක්
🔴 ජනපති පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි
🔴 නත්තලට බීලා මැරෙන්න ඕනෙද ? – අගරදගුරු