චීනයේ සිදුවූ භූ කම්පනයෙන් 46ක් මරුට

චීනයේ සිචුවාන් පළාතේ wද සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 46ක් මියගොස් ඇතැයි එරට වාර්තා පවසයි. රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවක් ඇති වූ අතර එය 2017 සිට කලාපයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාවයි. භූ කම්පනය බලපෑ සමහර මාර්ග සහ නිවාස නාය යෑම්වලින් හානි වී ඇති අතර අවම වශයෙන් එක් ප්‍රදේශයක සන්නිවේදනය අඩාල වී ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය…

දිස්ත්‍රික් 5කට නායයාමේ අවදානමක්

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අවදානම් පිළිබඳ අනතුරු අඟවා තිබේ. ඒ අනුව මහනුවර (උඩුනුවර) , කෑගල්ල(රඹුක්කන, කෑගල්ල, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල) , කුරුණෑගල (මල්ලවපිටිය), නුවරඑළිය (අඹගමුව), රත්නපුර (කුරුවිට සහ කලවාන) යන ප්‍රදේශවලට මෙලෙස අනතුරු අඟවා ඇත.

රජයේ නොහැකියාව නිසා රටට ඩොලර් මිලියන 22ක පාඩුවක් !

නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුවූ හානිය වෙනුවෙන් අයවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 22 කට ආසන්න වන්දි මුදල රටට අහිමි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා. එහි ජේ්‍යෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පැවසුවේ අදාළ වන්දි මුදල අයකර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තිබූ වසර 02 ක කාලය මේ මස දෙවනදායින් අවසන්වීම ඊට…

චීන පොහොර ගනුදෙනුවේ “හොර අහුවේ”

ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර නෞකාවේ නියැදි ගෙන්වා රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කිරීමට පෙර තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සැපයුම්කරුවන්ගෙන් පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවේ සඳහන් වනවා. ඒ අනුව 2021 වර්ෂයේ අගෝස්තු මස 01 වනදා ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ජාතික ශාක…