මෙච්චර ඉර පායන රටේ සෑම 3න් එක් අයකුට විටමින්-D ඌණතාවය

සූර්යාලෝකයට නිරාවරණය වන විට සමෙහි විටමින් D නිපදවෙන බව අප කුඩා කාලයේ පටන් ඉගෙනගෙන තිබෙන විද්‍යාත්මක කරුණක්. එහෙත්, වසර පුරාම හොඳින් හිරු එළිය ලැබෙන සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවේ සිදු කර ඇති සමීක්ෂණ මගින් හෙළිවන තොරතුරු ඇතැම්විට ඔබ විමතියට පත් කරන්නට ඉඩ තිබෙනවා. එක් සමීක්ෂණයකට අනුව ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු (31%)…

‘ටික් ටොක්’ හරහා අපේ නිෂ්පාදන චීනයට !

චීන – ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය සහ Douyin (TikTok) සමාජ මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ වූ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 අගෝස්තු 30 වැනි දින ශ්‍රී ලංකා ජාතික කුටියක් විවෘත කළේ ය. මහනුවර ඇසළ පෙරහැර, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ ආහාර සම්බන්ධයෙන් තානාපති කාර්යාලය පැවැත්වූ උත්සවය අතරතුර මෙම වැඩසටහන පැවැත්විණි. විචිත්‍රවත් බවින්…

මිළ සූත්‍රය ‘ප්‍රෝඩාවක්’ !

ආණ්ඩුව පැහැදිලි ලෙස මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50කින් පමණ අඩුකළ හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. බදු ගෙවූ පසු ඉන්ධන ලීටරයකින් රුපියල් 50 ක පමණ ලාභයක් මේ වන විට ආණ්ඩුවට හිමිවන බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පැවසුවේ .