IMF එකඟතා ගැන මැතිඇමතිලාට කියන දවස ජනපති දැනුම් දෙයි

Picture of අසංක

අසංක

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමග ඇතිකරගැනීමට නියමිත එකඟතාවය සම්බන්ධයෙන් එම මණ්ඩලයේ විධායක කමිටුවේ අනුමතිය තවමත් ලැබී නොමැති බවත් එම අනුමතිය ලැබුණු පසු අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවත් කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

IMF එකඟතා පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ මතු කළ කරුණ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට පවසා සියේය.

මේ සම්බන්ධයෙන් තවමත් කැබිනට් මණ්ඩලය දැනුවත් කොට නොමැති බවත් මේ පිළිබඳ සියලු තොරතුරු ලැබුණු පසු ඉක්මනින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා තමාට පැවසූ බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

එසේම මේ සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු අවශ්‍ය සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බවත් කථානායකවරයා නිවේදනය කළේය.