නවතම පුවත්

IMF කණ්ඩායමක් මේ සතියේ දිවයිනට

අසංක

අසංක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කණ්ඩායමක් 2වැනි සමාලෝචනය සිදුකිරීම සඳහා මේ සතියේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

IMF විසින් මෙරටට අනුමත කරන ඇති අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට(EFF) යටතේ වාරික 2ක් මේ වනවිට ශ්‍රී ලංකාවට ලබාදී ඇත.

3 වැනි වාරිකය අනුමැතියට පෙර සිදුකළ යුතු 2වැනි සමාලෝචනය ලබන 7 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පෙර වාරික භාවිතයට යොදාගැනීමේදී ශ්‍රී ලංකාව සිය වගකීම් කොයි ආකාරයට ඉටුකර තිබේද? මෙරට ආර්ථික ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකාව නිසි ඉලක්ක සපුරා තිබේද? යන්න මෙම සමාලෝචනයේදී සළකා බැලෙනු ඇත.

සති 2කට ආසන්න කාලයක් ඔවුහු අදාළ සමාලෝචනය සිදු කරන බවට අපේක්ෂා කෙරේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ රජය විසින් එකඟ වූ මූලික ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක කර ඇති බැවින් පළමු සමාලෝචනයට වඩා මෙය පහසු වනු ඇතැයි විශ්වාස කරන බවයි.

සමාලෝචනය සාර්ථක වුවහොත් අමෙරිකානු ඩොලර් මිලියන 334ක් වන තුන්වැනි වාරිකය ද ශ්‍රී ලංකාව වෙත නිදහස් කෙරෙනු ඇත.

පසුගිය දෙසැම්බර් 31 වනදා දක්වා මෙරට රජයේ මූල්‍ය තත්ත්වය සහ IMF සමඟ එළැඹුණු අනෙකුත් එකඟතා සම්පූර්ණ කිර්ම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්