IMF කණ්ඩායමක් හෙට සිට ලංකාවට

Picture of අසංක

අසංක

ජාත්‍යන්තර අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් හෙට(20) සිට 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අපේක්ෂාවයි.

මැයි 9 සිට මැයි 24 දක්වා කාලය තුළ සිදුකළ ඔන්ලයින් සාකච්ඡාවලදී ලබා ගත් ප්‍රගතිය මත පදනම්ව IMF ණය ලබා දීමේ වැඩපිළිවෙලක් මගින් ආධාර කළ හැකි ආර්ථික වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා දිගටම කරගෙන යන බව ද පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැපවීමෙන් කටයුතු කරන බව ද එම නිලධාරීන් පවසා තිබේ.