පැතුම් වික්‍රමරත්න
ඊයේ (18) දින ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල ගොඩනැගිලි සංකීර්ණයේදී , පැවති රැස්වීමකදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.
ප්‍රංශයේ TCHR සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ දෙමළ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයෙන් පැසුමයි තායගම් (හරිත මව්බිම) නමැති සංවිධානය මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
මීට සහභාගී වූ දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) සිවාජිලිංගම් මහතා ප්රමුඛ දෙමල දේශපාලන කන්ඩායම්වල සාමාජිකයන් පිරිසක් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් අතර මෙහිදී උණුසුම් වාද විවාද මතුවිය .
එම අවස්ථාවේ වීඩියෝ 2 ක් පහතින් පළවේ.