විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟ ජාතික ජාතික බලවේගය යන පක්ෂය ලියාපදිංචි නො කරන ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ සමගි ජාතික බලවේගය නමින් පිහිටුවා ඇති පක්ෂය ඉංග්‍රීසි පරිවර්තනයේ දී united national power යනුවෙන් යෙදෙන බැවින් එහි කෙටි පරිවර්තනය වන්නේ UNP යන්න නිසා ය.
ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉංග්‍රීසි පරිවර්තනය වන united national party යන්න කෙටි කිරීමේදී ද ලැබෙනුයේ UNP යන්න වන බැවිනි.
මේ අනුව UNP යන්න කෙටියෙන් යෙදෙන කිසිදු දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙස හා පවත්නා දේශපාලන පක්ෂයක නම වෙනස් කිරීමේ දී මෙම කෙටි ඉංග්‍රීසි යෙදුම යෙදේ නම් එවැනි වෙනස් කිරීමක් සිදුනොකරන ලෙස ද එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්සංක නානායක්කාර මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.