ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත්කරගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට එම සංවිධානයට නිල වශයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ලබන වසරේ ජුලි මස 6 වනදා සිට බලාත්මක වනු ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වී ඊට ලබාදෙන අරමුදල් වෙනත් කටයුත්තක් සඳහා යොදවන බව , මේ පිළිබඳව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් ජනපති ට්‍රම්ප් ඊයේ සඳහන් කළේය .
එහිදී ජනාධිපති ට්‍රම්ප් නැවත අවධාරණය කළේ, කොරෝනා ව්‍යාප්තිය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීන පාලනයට නතුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.
මේ අතර ඩිමොක්‍රැටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන ජෝ බයිඩන් කියා සිටියේ තමන් ජනාධිපතිවරයා ලෙස පත්වූ පලමු දිනම යළි ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්වී , ගෝලීය වේදිකාවේ අමෙරිකානු නායකත්වය ප්‍රතිශ්ඨාපනය කරන බවයි.