නවතම පුවත්

ප්‍රතිසංස්කරණය කළ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය 24 දා විවෘත කෙරේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

.වසර තුනකට ආසන්න කාලයක් පුරා වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය සහ පැරණි සංඝාවාසය හා බුද්ධ වන්දනා මන්දිරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් සේවා සඳහා විවෘත කිරීම මේ මස 24 වෙනි දින චෙන්නායි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය D.වෙන්කතේෂ්වරන් මහතාගේ සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා මණ්ඩලීය සභාපති, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

ඉන්දියාවේ ආචාර්ය A.අශෝකන් සහ E.රාජා යන දෙපලගේ ධන පරිත්‍යාගයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ හයකට වඩා වැය කොට මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇතැයි චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති පූජ්‍ය නුගගොල්ලේ චන්ද්‍රරත්න හිමියෝ පවසති.

කොරෝනා වසංගතය හේතුවෙන් වන්දනාකරුවන්ගේ පැමිනීම අඩාලවීමත් සමගම වසර තුනකට වඩා කාලයක් වසා දමා තිබු චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි මහා විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ඉල්ලීම පරිදි A. අශෝකන් (A.Ashokan) සහ E.රාජා (E.Raja) යන ඉංදීය සැදැහැවතුන් දෙදෙනා චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත් වූ බව නුගගොල්ලේ චන්දරත්න හිමියෝ පවසති.

නුගගොල්ලේ චන්දරතන හිමි

ඒ අනුව ,පහත මාලයේ (අඩි 18) බුද්ධ ප්‍රතිමා වහන්සේ ද පළමු මහලේ (අඩි 26) සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ද එහි පිහිටි (අඩි 06) හිඳි පිළිම වහන්සේලා ද සම්පූර්ණයෙන්ම වර්ණාලේපිත කර ඇති බව චන්දරතන හිමියෝ පවසති .

එසේම පැරණි සංඝාවාසය හා භික්ෂු නේවාසික කාමර ගොඩනැගිල්ල ද පිළිසකර කර ඇතැයිද උන්වහන්සේ පවසති.

මෙම අවස්ථාවට චෙන්නායි හා ඒ අවට ඉංදීය බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය

police - speed limit
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
Capture
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
image-41
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
sri-lanka-police-tear-gas
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට