ඉෂාර රත්නකාර
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චිරාගත සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම, ජනාධිපති නිල නිවසේදී අද සිදුවිය.
මෙම නැකැත් සීටංටුවට සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිපගිනි මෙලවීම, ආහාර අනුභවය, නව වසරේ රැකියා සදහා පිටත්ව යෑම, හිසතෙල් ගෑම ආදී නැකැත් වේලාවන් ඇතුළත් වේ.
මෙම අවස්ථාවට නිවාස ඉදිකිරී්ම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.