ඉන්දියාව එරට වෙසෙන මිලියන ගණනක් වන සිය ජනතාව අන්ත දරිද්‍රතාවයෙන් මුදා ගනිමින් සිටින බව මිචිගන් විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ලෝ ප්‍රකට මහාචාර්ය ජස්ටින් වුල්ෆර්ස් පෙන්වා දෙනවා.
මෙය ගෝලීය ආර්ථික අසමානාත්මක බව අඩුකිරීමට උපකාරී වනු ඇති බවයි
ප්‍රමුඛ ජනමාධ්‍යවේදියකු වන ශ්‍රිජන මිත්‍ර දාස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ.
එහිදී තමන් මෑතකදී සිදුකළ අධ්‍යයනයක් පිළිබඳ අදහස් පල කරමින් ජස්ටින් වුල්ෆර්ස් පැවසුවේ ඉන්දියාවේ නැගී එන ආර්ථිකය එරට දරිද්‍රතාවයට එරෙහි වැඩසටහන හරහා මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදාගැනීමට පියවර ගනිමින් සිටින බවයි.
මීට පෙර චීනය විසින් එරට මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මෙලෙස මුදාගනු ලැබීය .
ඒ ඔවුන්ගේ නැගී ආ ආර්ථිකය හරහායි.
අද, ඉන්දියාවේ නැගී එන ආර්ථිකය බොහෝ දුරට ඊට සමාන දෙයක් කරමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉන්දියාවේ ශක්තිමත් ආර්ථිකය මගින් මිලියන සියගණනක් යහපත් ජීවන තත්වයන්ට ඔසවා තබනු ලබනවා.
ඒ හරහා ඉන්දියාවේ විශාල අඩු ආදායම්ලාභී ජනතාවක් මධ්‍යම ආදායම්ලාභීන් බවට පත්වීමට සමීප වෙමින් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.
එය පැහැදිලිවම ගෝලීය ආදායම් අසමානතාවය අඩු කිරීමට උපකාරී වන බවයි මහාචාර්යවරයා පවසන්නේ.
මෙම සම්මුඛ සාකච්ඡාවේදී ජස්ටින් වුල්ෆර්ස් පෙන්වාදෙන්නේ, අමෙරිකාවේ පවා ආදායම් අසමානතාවය දශක හතරක් තිස්සේ වර්ධනය වෙමින් පවතින බවයි