අඩු පොළී අනුපාතිකයක් යටතේ කලින් ලබාගෙන ඇති ණය සඳහා අයකරන පොළී අනුපාත ඉහළ දැමීමට මෙරට බැංකු ගෙන ඇති තීරණය සාධාරණ නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය
පොළී අනුපාත අඩු කෙරෙන අවස්ථාවලදී ඊට සාපේක්ෂව කලින් ලබාගත් ණය පොළිය අඩු කිරීමට මෙරට බැංකු ක්ෂේත්රය ක්‍රියාකර නොමැති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාළ පෙන්වා දුන්නේ.
දැනට පවතින ඉහළ බැංකු පොළී අනුපාත දිගුකාලීනව පවත්වාගෙන යාමෙන් මෙරට ව්‍යාපාර ක්ෂේත්රයට දැඩි අහිතකර බලපෑමක් එල්ලවන බවද මහාචාර්ය වසන්ත අතුකෝරාළ වැඩිදුරටත් අප වෙබ් අඩෙවියට සඳහන් කළා.
මේ අතර මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඉකුත්දා ප්‍රකාශ කළේ පවතින උද්ධමනය තවදුරටත් අඩුවී පොළී අනුපාත අඩුකිරීමට ඉදිරියේදී හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.