ක්‍රීඩා ඇමති නිසා භානුකගේ තීරණය වෙනස් වෙයි

Picture of අසංක

අසංක

(අසංක නවරත්න)

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පසුගියදා දැනුවූ පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ක්‍රීඩා ඇමති නාමමල් රාජපක්ෂගේ ඉල්ලීමට එකඟ වෙමින් තීරණය වෙනස් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසන්නේ ඊයේ පෙරවරුවේ භානුක රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මුණ ගැසීමෙන් පසුව භානුකගේ මෙම තීරණය තමන්ට නිල වශ‍යෙන් දැනුම් දුන් බවය.

මෙම හමුවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා භානුක ගත් තීරණය සමබන්ධයෙන් නැවත සළකා බලන ලෙස දෙවැනි වතාවටත් ඉල්ලා සිට ඇත.

එම ඉල්ලීමට එකඟවීමෙන් පසු භානුක මෙලෙස ඔහුගේ තීරණය වෙනස් කර ඇත.