කොටස් වෙළඳපොලේ වර්ධනයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියලු කොටස් 8,000 පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී නැවත වරක් ඒකක 8,000 සීමාව පසුකරන ලදී. ඒ පසුගිය ජූනි 06 දින ඒකක 8,000 සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීමෙන් අනතුරුව පළමුවරටයි.

ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,080.14 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී ඒකක 172.62 ක හෙවත් 2.18% ක ඉහළ යාමක් වේ.

මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 84.25 ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනය අවසානයේ දී ඒකක 2,586.05 ක් ලෙසින් වාර්තා වුණි.

රු. බිලියන 2.67 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය