පැතුම් වික්‍රමරත්න
චීනයේ සියලූ පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ ලබාදීමට එරට රජය තීරණය කර ඇත .
ඒ අනුව සාමාන්‍ය ජනතාව කොරෝනා එන්නත සඳහා කිසිදු මුදලක් වියදම් කළ යුතු නොමැති බවය චීන බලධාරීන් නිවේදනය කර ඇත
එන්නත් සඳහා දැරිය යුතු පිරිවැය ජාතික වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් සහ රජයේ අරමුදල් මගින් ආවරණය කෙරෙනු ඇති බවද එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත .
චීනය මේවනවිටත් කොරෝනා මර්ධන එන්නතක් නිපදවා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු නිකුත් කර නැත.