ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා මගින් ප‍්‍රචාරය කරනුගීත සදහා ලබන මස පළමු වැනිදා සිට කර්තෘභාග

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා මගින් ප‍්‍රචාරය කරනු ලබන සියලූම ගීත සදහා ලබන මස පළමු වැනිදා සිට කර්තෘභාග ගෙවීමට සැලසුම් කර ඇතැයි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී ඊට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කරන බවද අමාත්‍යවරයා කීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද (12) පැවැති මාධ්‍ය හමුවකදී සාකච්ඡාවකට අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. මාධ්‍යවේදීන් සදහා පොලී රහිත ණය ක‍්‍රමය නැවත ක‍්‍රියාත්මක කිරීමට සහ වාහන ණය ලබාදීමටත් අපේක්‍ෂාකරන බව බවද අමාත්‍යවරයා පැවැසීය.

ජනසන්නිවේදන විෂය හැදෑරීම සදහා වෙනම විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීමටත් ජනමාධ්‍යවේදීන් සදහා ප්‍රෙස් කලබ් එකක් නැවත නිර්මාණය කිරීමට යෝජනා කර තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය