ජනාධිපතිවරණයට දිනන අපෙක්ෂකයා ඉදිරිපත් කරනවා – මහින්ද රාජපක්ෂ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද උදෑසන බෙලන්විලදී හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් කරන්නේ ස්ථිරවම ජයගන්නා අපේක්ෂකයා බව සදහන් කරා

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා

“කුමන්ත්‍රණ නෑ ආණ්ඩුව පෙරළන්න අපි සූදානමින් ඉන්නේ. අවශ්‍ය  ඕනෑම වේලාවක ආණ්ඩුව පෙරළීමේ අයිතිය අපිට තිබෙනවා.

 ජනාධිපතිවරණය,  පළාත් සභා ඡන්ද විමසීම, පාර්ලිමේන්තු මැතිවරණය මේ තුනම අපි ජයග්‍රහණය කරනවා. මේ ජනතාවට විදවන්න සිදුවෙලා තිබෙනවා. බදු බර එහෙන් ලයිට් ටික නෑ, වතුර ටික නෑ.

මේ ආණ්ඩුව ඒකාධිපතිත්වයකට යමින් ඉන්නේ. මේ සඳහා සියලු දෙනාම, කැබිනට් මණ්ඩලයට වගකියන්න ඕන.  අපි ස්ථිරවම ජනාධිපතිවරණය සදහා ජයග්‍රහණය කරන පුද්ගලයා ඉදිරිපත් කරනවා ” යනුවෙන් පැවසීය.