තවත් අවුරුදු 15ක්, ආනයන සීමා කරන්න වේවි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ පවතින බරපතල ආර්ථික අර්බුදය සලකා බැලූ විට , මෙරට ජනතාවට තවත් වසර 10ක් 15 ක් වත් දුක් පීඩා විඳීමට සිදුවනු ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය පමණින් මෙම අර්බුදය විසඳීමට නොහැකි වන බවත් ආනයන සීමාවන් තව වසර ගණනාවක් පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනය පවා ලැබීමට තව මාස කිහිපයක් ගතවන අතර එම කාලසීමාව ගෙවා දැමීම රටටත් ජනතාවටත් ඉතා දුෂ්කර වනු ඇති බවද ඒ මහතා පැවසීය .

රටේ ණය ඩොලර් බිලියන 52 ක් වන අතර වතක්ම් ඇත්තේ බිලියන 05ක ප්‍රමාණයක් වන බවත් , ඒ අනුව නය ගෙවීමට තව වසර ගණනාවක් ගතවන බවත් ඔහු පැවසීය . එතෙක් බොහෝ ආනයනය සීමා කිරීමට වන බවද ඔහු පැවසීය .

රටේ පවතින අර්බුදය ගැන පාර්ලිමේන්තුවේ කිසිවකුට හැඟීමක් නැති බවද ඔවුන් පාර්ලිමේන්තුව තුලට වී අනවශ්‍ය , ඵල රහිත දේ කතාකරමින් කාලය කා දමන බවද ඔහු පැවසීය .