අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමඟුලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී ඒ හරහා නව රෝගීන් පොකුරු මතුවුවහොත් නිරෝධායන පනතට අනුව නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී.
මෙම අවමගුල් උත්සවයේදී බොහෝ පිරිස් නීරෝ ධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කල බවක් දක්නට ලැබුණු බවත් මෙම සංගමය සඳහන් කර ඇත.
එසේම මෙහිදී ඇතැම් පිරිස් නීති ගරුක රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරිය බාධා කර ඇති බවත ඒ ගැන සොයාබලන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බවත් සංගමය මාධ්‍ය වෙත අද පැවසීය.
ආරම්භයේ සිටම කොවිඞ් 19 ව්‍යාප්තියට එරෙහිව දිවා රෑ නොබලා කටයුතු කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ඇතුළු ක්ෂත්ර නිලධාරින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රෝහල් කාර්ය මණ්ඩල තවත් හෙම්බත් කරවන මෙවැනි අනවශ්‍ය කටයුතු රටට වැරදි පූර්වාදර්ශ සපයා ඇතැයි ද සංගමය නිකුත් කරන ලද නිවේදනයක සදහන් වේ.