නවතම පුවත්

නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය පසුගිය සෙනසුරාදා (06) උත්සවශ්‍රීයෙන් පැවැත් වුණි.භාරතීය හා ලෝවාසී හින්දු බැතිමතුන් ඉතාම ගෞරවයෙන් යුතුව පරිශීලනය කරන රාමායණයේ සඳහන් අන්දමට මීට වසර හත්දහස් හයසියයකට පෙර රාවණ රජු විසින් රැගෙන ආ සීතා දේවිය සොයා පැමිණි හනුමන්තාට සීතා දේවිය හමුවන්නේ සීතාඑළියේ මෙම කෝවිල පිහිටි ස්ථානයේ දී ය.

මීට වසර එකසිය පනහකට පමණ පෙර ඉදිකළ බව සැලකෙන ලංකාවේ සහ විශේෂයෙන් ඉන්දියානු බැතිමතුන්ගේ පුද පූජාවට පාත්‍ර වන නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ පසුගිය මැයි 19 වැනිදා පැවති කුම්භාභිෂේක මංගල්‍යයට පසු දින 47 ක් පුරා පැවති පූජාවන් හි අවසාන මහා පූජාව හෙවත් මංගලාභි⁣ෂේක මංගල්‍යය පසුගිය සෙනසුරාදා (06) පැවැත් වුණි.

ඊට සමගාමීව ඉන්දියාවේ අයෝධ්‍යා නුවර රාම දෙවොලේ (රාම කුමරු උපන් බිම)සිට මෙරටට ගෙන ආ සුවිශේෂ ශෛල ස්ථම්භය සහ නේපාලයේ ජනක්පුර් (සීතා දේවිය උපන් බිම) සිට රැගෙන ආ ශිලා ඵලකය කොවිලේ තැන්පත් කිරීම මෙහි දී සිදු කෙරිණ . එම පූජා භාණ්ඩ සහ රාමා,සීතා ලක්ෂ්මණ සහ හනුමන් ප්‍රතිමා රැගත් පෙරහැර නුවරඑළිය නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසු සීතා අම්මාන් කෝවිලට ගෙවැදුනි. වසර අටකට වරක් පැවැත් වෙන කුම්භාභිෂේක මහෝත්සවයේ තුන්වන කුම්භාභිෂේක මංගල්‍යය පසුගිය මැයි මස 19 වැනිදා පැවැත් වුණේ ඉන්දියාව, නේපාලය ඇතුළු රටවල් රැසක හින්දු බැතිමතුන් දෙදහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් බවත්, පසුගිය සෙනසුරාදා පැවති මහා පූජාවට ද ඉන්දීය බැතිමතුන් ද විශාල පිරිසක් එක් වූ බව නුවරඑළිය සීතාඅම්මාන් පාලක මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !