පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ මෙහෙමයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන පළාත් පාලන මැතිවරණය සභික සංඛ්‍යාව අඩු කරමින් නව කොට්ඨාශ යටතේ පැවැත්විය නොහැකි බව සීමානිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

එබැවින් සිදුකළ යුත්තේ මැතිවරණය පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්වීම බවයි සීමානිර්ණය කොමිෂන් සභාවේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.


ඒ අනුව සභික සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් පවතින වියදම අවම කර ගැනීම සඳහා සිදුකළ යුත්තේ පළාත් පාලන නියෝජිතයින්ට ලබාදෙන දීමනාව අඩකින් කප්පාදු කිරීම බවද සීමානිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දුන්නා.

එමෙන්ම නව සීමා නිර්ණය හරහා පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ සංඛ්‍යාව 4,000 ක් දක්වා අඩු කිරීම කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.