මත්ද්‍රව්‍ය නඩු කඩිනම් කිරීමට නීතිපතිගෙන් විශේෂ දැනුම්දීමක්

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණවල විභාග වන නඩු කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම රජයේ නීතිඥවරුන්ට දැනුම්දීමක් කර තිබේ.

අධිකරණවල විභාග වන නඩු කඩිනමින් අවසන් කර නඩු භාණ්ඩ වශයෙන් නම් කර තිබෙන මත්ද්‍රව්‍ය විනාශ කිරීම සදහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව නීතිපතිවරයා සදහන් කළේය.