රටටම විදුලිය, හිරු එළියෙන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්ති සම්පත්වලින් සපුරා ගැනීමේ ඉලක්කය සාක්සාත් කර ගැනීම සඳහා 2024-2030 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති මඟින් ජනනය කරනු ලබන පුනර්ජනනීය බලශක්ති ධාරිතාවන් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ගැනීම අත්‍ය වශ්‍යව පවතී.

රට තුළ පවතින සුළං සහ සූර්ය බල විභවයන් සංවර්ධනය කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, විචල්‍ය ස්වභාවයෙන් යුත් එම බල ශක්තිය විදුලිබල පද්ධතියට එක් කිරීම ක්‍රමයෙන් වැඩි වන විට පද්ධතියේ විශ්වසනීයත්වය පවත්වාගෙන යාම සඳහා වඩාත් නම්‍යශීලී විදුලිබල පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය වේ.

එම ක්‍රමවේදය 2024 සිට 2030 දක්වා කාල පරිච්ඡේදය තුළ යොදා ගැනීම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ මත පදනම්ව පුද්ගලික ආයෝජන හෝ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන් යටතේ හෝ ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා හඳුනාගනු ලබන බැටරි ධාරිතාවන් සංවර්ධනය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.