රටේ ඉන්ධන සංචිතය ගැන අනාවරණයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකගේ පවසයි .

ඉන්දිය ණය ආධාර යටතේ ද ඉන්ධන තොග මෙරටට ලැබෙමින් ඇති බවත් ,. රටට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විට ගොඩබාමින් ඇති බවත්, තවත් ඉන්ධන නෞකා ඉදිරියට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය

අද සහ හෙට ඉන්ධන බෙදා හැරීම යථා පරිදි සිදුවීමත් සමඟ තවත් දින දෙකකින් මේ වන විට ඇති ඉන්ධන පෝළිම් අවසන් වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේය

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා මහත්මිය මෙහිදී පැවසුවේ, ඉන්දියානු ණය ආධාර යටතේ ලද මෙට්ට්‍රික් ටොන් 35,000 ක ගුවන් යානා ඉන්ධන තොගය කොළඹ වරායේදී ගොඩබාමින් ඇති බවයි. මෙට්ට්‍රික් ටොන් 38,000 ක ඔක්ටේන් 92 පෙට්‍රල් නෞකාවක්ද මුතුරාජවෙලදී ගොඩබාමින් ඇති බව අමාත්‍යංශ ලේකම්වරිය සඳහන් කළාය .