රත්නපුර නගරය සහ ඒ අවට ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවා තිබේ.
කළු ගඟේ ගං ජලය රත්නපුර නගර ප්‍රදේශයේ සහ ඒ අවට දැනට ඉවුරු අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව කියයි.
එබැවින් අද රාත්‍රියේ රත්නපුරයට ඉහළින් ඇති ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ වැඩිය.
මේ සම්බන්ධයෙන් රත්නපුර අවට ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.