ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ බත් සහ ව්‍යාංජන කෑමවේල තේරී පත්ව තිබේ.

ඒ 2023/2024 ලොව හොඳම බත් වර්ග 100ක් අතුරිනි.
එම ලැයිස්තුවේ ඉහළින්ම ඇති බත් වර්ග 10 අතරට ජපානයේ බත් වර්ග ගණනාවක් ඇතුළත් වී තිබීම ද විශේෂත්වයකි.
TasteAtlas විසින් නිකුත් කළ නවතම ලැයිස්තුගත කිරීමකින් ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිව ඇත.
TasteAtlas යනු ලොව පුරා රටවල සම්ප්‍රදායික කෑම වට්ටෝරු එකතු කරන, අත්දැකීම් ඇසුරින් සංචාරක මාර්ගෝපදේශ සපයන වෙබ් අඩවියකි.
එහි ලොව පුරා රට රටවල ආහාර පිළිබඳ පළවන විචාරක සමාලෝචන, සහ ජනප්‍රිය කෑම වර්ග සහ ඒවායෙහි අමුද්‍රව්‍ය ගැන නිරන්තරයෙන්ම පර්යේෂණ ලිපි ඇසුරින් මෙම ලැයිස්තුගත කිරීම් සිදුකරනු ලබයි.
2024 වසරේදී ලොව හොඳම බත් වර්ග 100 සහිත ලැයිස්තුව පිළිබඳ වාර්තාව මෙතැනින්.
එම ලැයිස්තුවේ හොඳම බත් වර්ග 10 පහතින්.
01. සුෂි -ජපානය

02. Kaisendon – ජපානය

03. Tekkadon – ජපානය

04. Arroz con bogavante – ස්පාඤ්ඤය

05. Otoro nigiri sushi -ජපානය

06. Sri Lankan Rice and Curry -ශ්‍රී ලංකාව

07. Chutoro nigiri sushi -ජපානය

08. Diri ak pwa -හයිටි

09. Nigiri -ජපානය

10. Maki -ජපානය
