විදු බලයෙන් ඉන්දියාවේ අනාගතය දීප්තිමත් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මතට ගොඩබෑම සම්බන්ධයෙන් සුභපැතුම් එක් කළ ලෝක නායකයින් සියලුදෙනාටම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්තූතිය පළකර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා නිකුත් කර තිබූ සුභපැතුමට පිළිතුරු දෙමින් ඉන්දීය අගමැතිවරයා පවසා ඇත්තේ මෙම ඉන්දියාවේ අභිමානය පමණක් නොව මානව උත්සාහයේ සහ නොපසුබට වීර්යයේ පහනක් බවය.

යුරෝපා සංගමයේ සභාපතිවරයාගේ සුබපැතුමට ස්තූති කළ ඉන්දීය අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ඉන්දියාව සියලු මනුෂ්‍ය වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා ගවේෂණය, ඉගෙනීම සහ බෙදාගැනීම අඛණ්ඩව සිදු කරන බවය.

ඉන්දීයාව ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් ස්පාඤ්ඤයෙන් ද සුබපැතුම් එක්කර තිබුණි.

එහි දක්වා ඇත්තේ විද්‍යාවේ බලය තුළින් ඉන්දියාව  දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් කැපවී සිටින බවය.

මීට අමතරව රුසියානු ජනාධිපති, අමෙරිකාවේ උප ජනාධිපති, භූතානයේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නායකයින් පිරිසක් සාර්ථක සඳ ගමන වෙනුවෙන් ඉන්දියාවට සුබ පැතුම් එක්කර තිබුණි.