ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ මීට වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව වෙළඳ හිඟය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
ආනයන වියදමෙහි අඩුවීමට සාපේක්ෂව 2023 වසරේ අගෝස්තු මාසයේ දී අපනයන ආදායමෙහි අඩුවීම ඉහළයෑම ඊට හේතුවයි.
මේ වසරේ ජූලි මාසයට සාපේක්ෂව අපනයන ආදායම සහ ආනයන වියදම යන දෙඅංශයම ඉහළ ගොස් තිබුණි.




විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් යන දෙඅංශයම 2023 වසරේ අගෝස්තු මාසයේ දී පෙර වසරට සාපේක්‍ෂව කැපී පෙනෙන දියුණුවක් වාර්තා කරන ලදී.


2023 වසරේ අගෝස්තු මාසයේ දී, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත විදේශ ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

2023 වසරේ අගෝස්තු මාසය අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3.6ක් ලෙස වාර්තා විය.
2023 වසරේ අගෝස්තු මාසයේදී එ.ජ. ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පුළුල් ලෙස ස්ථාවරව පැවතුණි.

