ඉන්දියාව සමගින් ඊයේ (05) පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්රී ලංකා නායක දසුන් ශානක ශ්රී ලංකාව වෙනුවෙන් ශ්රී ලංකා ක්රීඩකයකු විස්සයි විස්ස පිටියේ වාර්තා කල වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.
ඒ පන්දු 20 කදී අර්ධ ශතකය වාර්තා කරමිනි. මීට පෙර මෙම වාර්තාව ශ්රී ලංකා සුපිරි පිතිකරුවන් දෙපළක් වූ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර විසින් සමලෙස දරා තිබිණ.
ඔවුන් දෙදෙනාම අර්ධ ශතකය වාර්තා කර තිබුනේ පන්දු 21 ක් තුළදීය.
එසේම ශ්රී ලංකාව ඉන්දියාවේදී විස්සයි විස්ස තරග ජයග්රහණයක් හිමිකර ගත්තේ වසර 7 කට පසුව වීම විශේෂත්වයකි. මීට පෙර ඔවුන් තරග ජයක් හිමිකර ගත්තේ 2016 වර්ෂයේදීය.